වික්ටර් රත්නායක නම් වූ අසහාය ගායකයා සහා ඉරාජ් නම් වූ සංගීත නපුන්සකයා...

By Maduranga Jayasinghe | September 26, 2017

හෙළයේ මහා ගාන්ධර්වයා අපිව ඇත හැර ගොස් තව නොබෝ දිනකින් වසරක් ගත වනු ඇත. වික්ටර් රත්නායක යනු අමරදේවයන්ගේ අඩුව පිරවීමට දැන් ඉතිරිව ඇති කිහිප දෙනාගෙන් කෙනෙකු බව නොරහසකි. ආදරයෙන් පිරිච්ච හිත් දෙගොඩ තලා යද්දි ආදරයේ උණුසුම දෙගුණ තෙගුණ වී උපරිමයට ගෙනියන්නටත්, ආදර හදවත් කැඩී බිඳී සුනු විසුනු වී ගොස් උන්මත්තකයන්සේ සිටින විටදී, ඒ දුක දෙගුණ තෙගුණ කර විරහවේ උපරිමයට ගෙන යන්නටත් සමත් වූ හෙළ කළා කරුවෙන් සිටී නම්, ඒ එක අතක ඇඟිලි වලින් ගැනිය හැකි තරම් වූ පිරිසකි. එයිනුත් අංක එක වික්ටර් රත්නායක නම් වූ අසහාය ගායකයා බව අවිවාදයෙන් කිව යුතුය. ජිවිතයේ සැන්දෑ යාමය ගත කරන වික්ටර් රත්නයකයකන්, මතු දිනක අමරදේවයන් සේම රටක් හඬවා අවසන් ගමන් යනු ඇත. නමුත් නොමියෙන ගීත රැසක් හෙළ සංගීතයට දායාද කල එතුමාගේ නම අමරණිය වනු ඇත. රටක භාෂාවේ හා සංස්කෘතියේ ඇති තේජාන්විත භාවය හා ජාතික පෞර්ෂත්වය විදහා දැක්විය හැකි එක් දෙයක් තමයි සංගීතය කියන්නේ. වික්ටර් රත්නායකයන්ගේ හඬ පෞර්ෂය සමඟ උරෙන් උර ගැටීමට ගී තනු නිර්මාණ හා ගේය පද රචනයන්ද නොදෙවනිව ප්‍රබල විය.

හෙළ සංගීත කෙතට මෙතරම් සේවාවක් කල ඒ අසහාය ගායකයාගේ පෞද්ගලික ජීවිතය අපිට කිසිසේත් අදාල නැත. ලංකාවේ පවතින නිතිය අනුව පළමු විවාහක බිරිඳ මියගිය පසු තවත් විවාහයක් කර ගැනීමට කෙනෙක්ට කිසිම බාදාවක් නැත. වයස අවුරුදු 18 සපුරා ඇති ඕනෑම පිරිමියෙකුට වයස අවුරුදු 18 වැඩි ඕනෑම ස්ත්‍රියක් (දෙමාපිය කැමැත්ත ඇතුව අවුරුදු 16 වැඩි ස්ත්‍රියක්) විවාහ කරගැනීමට නීතියෙන් බාධාවක් නැත. සදාචාරාත්මකව බැලුවත් එහි වැරද්දක් නැත. එම නිසා වික්ටර් රත්නයකනගේ දෙවැනි විවාහය ගැන කිසිම කෙනෙක්ට විවේචනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. රත්නායකයන්ට ඇයව දෛවයෝගයකින් හමු වුනාද, රුකඩ මඩු යග පොලේදී හමු වුනාද, හිත මිතුරු සුළඟ ලවා වැහි වළාවට කියා, ඈතින් ඈතට පා නගල ඝන වනන්තරේ අතරමං වුණාදැයි අපි නොදනිමු. අපිට එය අදාලම නැත. මන්ද යත් ලාබාල තරුණියක් විවාහ කරගත් එකම හා අවසාන පිරිමියාත් වික්ටර් නොවන බව අපි දනිමු.

වික්ටර් රත්නයකයන්ගේ දෙවන විවාහය උසුළු විසුළු වලට ලක් කර පහත මානසික තෘප්තියක් ලබන්නට සමාජ ජාලා වෙබ් පරිශීලකයෝ පහු ගිය කාලයේ පෙළඹුණාද කියා අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ දේවල් කරන්නේ පහත් මානසික මට්ටමක් තියෙන නුගත් මිනිස්සු කියලා හිත හදා ගත්තා කියමුකෝ, එතකොට ඉරාජ් කියන්නෙත් ඒ වගේ පහත් මානසික මට්ටමක් තියෙන නුගත් මිනිහෙක්ද? තමන්ගේම ක්ෂේත්‍රයේ ඉන්න, ඉරාජ් කියන පුත්ගලයට වචනයකින් වත් විවේචනාත්මක දෙයක් ප්‍රසිද්දියේ ප්‍රකාශ නොකරපු, ජ්‍යෙෂ්ඨයෙක්ගේ පෞද්ගලික ජිවිතයේ එක් සිදුවීමක් තමාගේම සිංදුවකින් විවේචනයට ලක් කිරීමට පෙළබිම ජාතියක් හැටියට අපි පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු නොවේද? සමහර විට ඒ දෙදෙනාගේ බැඳීම හුදෙක් ලිංගිකත්වය මුල් කර නොගත් ආධ්‍යාත්මික බැඳීමක් විය නොහැකිද? නමුත් සංගීතඥයෙක් යයි කියා ගන්නා ඉරාජ් කියන පහත මානසික සල්ලි උම්මත්තකයා, හුදු ලිංගිත්වය උලුප්පන පහත් රූපරාමු යොදාගෙන කර ඇති නිර්මාණය දුටුවම රටක් හැටියට අපි ඉන්නේ කොතැනක කියා සිතා ගන්නවත් නොහැකිය. එහි රඟපාන නළු නිලියන්ද සල්ලි නිසා මොනතරම් පහත මානසික මට්ටමකට වැටි ඇද්ද. විල්සන් කරූ කියන්නේ හෙළ සිනමාවේ සටන් ජවනිකා වලට එකල නැතුවම බැරි නළුවෙක් විය. වික්ටර්ගේ සම කාලිනයෙක් වූ එවැනි අයත් මෙවැනි පහත් තත්වය පත් වුයේ කෙසේදැයි හිත ගන්නට නොහැකිය. පියුමි ගැන කියන්නට වචන නාස්තිකිරීමත් නිෂ්පල දෙයක්. එම නිසා එම උත්තමාවිය ගැන මා කිසිවක් සටහන් නොකරමි.

මට මතකයි දවසක් ඉරාජ් කියන සංගීතඥයා රුපවාහිනී වැඩ සටහනකට පැමිණ "අපේ සංගීතය අපි ජාත්‍යන්තර තලයට ගෙනියන්න ඕනෑ කියලා" පම්පෝරි ගැහුවා. දැන් එතකොට ඒ ජ්‍යාත්‍යන්තර තලයට යන්නේ මෙහෙමද? මේ විදිහට ලිංගිකත්වය විකුනලාද අපේ අපේ සංගීතය අපි ජාත්‍යන්තර තලයට ගෙනියන්නේ? මේ යන විදිහට ගියොත් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල ඉරාජ් අම්මගේ යට ඇඳුමත් පෙන්නලා youtube විව්ස් ගන්න යුගය වැඩි අතක නොවේ.

ආදරයේ උත්තරිත වූ අම්මගේ ආදරය ගැන කියවෙන "ආදරයේ උල්පත් වූ අම්මා" ගීතය ඇසෙද්දී අපහට දැනෙන දර ගත නොහැකි මවු සෙනෙහස ඉරාජ්ට නොදැනෙන්නට ඇත. කොල්ලෝ ටිකක් සෙට් වෙලා බොංගෝ එකකුයි ගිටාර් එකකුයි අරගෙන "සිව් වසරක පෙම් ගීතය බොඳ වෙලා ගියදෝ" කියද්දී "ඕක ඇහෙද්දී මට මගේ පරණ ලව් එක මතක් වෙනවා මචන්" කියන එකක් ඉරාජ්ගේ සෙට් එකේ ඉන්න නැති වෙන්න ඇති. "දෛවයෝගයකින් නොවේදෝ හමු වුනේ අප හමු වුනේ" කියලා ජිවිතේ එක පාරක්වත් ඉරාජ් මුමුනල නැතුව ඇති. "නීල බිඟූ කැළ තාම රස පිරී", "ගිගිරි ගීත රාවේ" වගේ හෙළ සංගීතයේ විරාජමාන වෙච්ච සදා නොමැකෙන මේ ගීතයක රසයක් විඳින්න බැරි මිනිහෙක් කොහොමද හෙළ සංගීතය ජාත්‍යන්තරයට ගෙනියන්නේ කියන එක ගැන ඇත්තටම මට ඇත්තේ කුකුසක්. ඇත්තටම ඉරාජ් කියන්නේ ලංකාවේ ඉන්න, හෙළ සංගීත රසය කියන්නේ මොකද කියලා නොදන්නා නපුංසකයෙක් කියලා හිතෙන්නේ මට විතරද?

හදවතට ගීත හැදුන කාලය දැන් අවසන් වී ඇත. youtube විව්ස් වලට සින්දු හැදෙන කාලය උදාවී ඇත. ඉරාජ්ගේ මේ වීඩියොව දුටු විට වික්ටර් රත්නායකයන්ට කුමක් සිතෙන්නට ඇතිද? තමන්ගේ පියාගේ පෞද්ගලිකත්වය, තමන් එක්කම එකට එකම සංගීත ක්ෂේත්‍රයේ ඉන්න තවකෙක් විකුණගෙන කනකොට වික්ටර්ගේ ළමයින්ට මොනවා හිතෙන්නට ඇතිද? ජීවිතේ සැදෑ සමය ගෙවන ඒ සොඳුරු මිනිසාට මොනවා හිතෙනු ඇද්දැයි මම නොදනිමි, හැබැයි අත පය හතර හයිය අවුරුදු 36 සල්ලි පෙරේතෙයකු සමග ඔට්ටු නොවී උපෙක්ෂාවෙන් බලා සුසුමක් හෙලා නිහඩ වන්නට ඔහු නිහතමානී වේවි යැයි මට හැඟෙයි. ඔහුට පියුමි ගැන ප්‍රශ්නයක් ඇති නොවනු ඇත. නමුත් විල්සන් කරූ ඇයි මට මෙහෙම කලේ කියන පැනය ඔහුගේ සිතට නැගෙනු ඇත.

මේ කාටත් කලින් වික්ටර් රත්නායකයන්, උපන් බිමට නය නැති මිනිහෙක් විදිහට අප අතහැර මේ අසුචි ගඳ ගහන ලෝකයෙන් සමුගෙන යනු ඇත. එදාට, වික්ටර්ට මඩ ගැසූ සමාජ ශාලා කාරයෝ වික්ටර්ගේ ගීත හොය හොයා ගුණ ගයනු ඇත. කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ මුහුණු පොතේ "රෙස්ට් ඉන් පීස් ලෙජන්ඩ්" යැයි ස්ටේටස් කොටනු ඇති. හැෂ් ටැග් දමමින් වික්ටගේ ගීත ශෙයා කරනු ඇත. වික්ර්ටර්ව විවේචනය කර කර, සමාජ ජාල පේජ් වලට හිට් ගන්න එදා වික්ටර්ගේ දෙවන විවාහය උඩ දාගෙන මාකට් කරපු පේජ් ඇඩ්මින් කාරයෝ, අද වික්ටර්ගේ පැත්ත අරගෙන ඉරජ්ට පලු යන්න බනිනවා. ඔක්කොම සල්ලි වලටය. රටටත් කෙල විලා අපිටත් කෙල වෙලා.

අන්තිමට මේකත් නොකියා බැරිය. කුමන පරමාර්ථයකට හෝ වික්ටර් නිත්‍යානුකුල ලෙස විවාහයක් කරගෙන තමන්ගේ පාඩුවේ සතුටින් සැන්දෑ සමය ගතකරමින් සිටින බව නොරසහසකි. නමුත් අනුන්ට මඩ ගහලා සල්ලි හොයන ඉරජ්ගේ ජිවිත කතාව මේ ආකාරයකට රුප රචනයකට නැගුවොත් එම වීඩියෝව youtube වෙබ් අඩවියට අප්ලොඩ් කල සැණින් "porn" කියන ගණයට අයත් වී youtube වෙබ් අඩවියෙන් ගැලවී ඉවත් වී යන්නටත් බැරි කමකුත් නැතුවා ම නොවේ.